Monday, 16 September 2019

අනධ්‍යයන කාර්යමණ්ඩල පුරප්පාඩු, කැලණිය විශ්වවිද්‍යාලය - ශ‍්‍රී ලංකාව

 

මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව පවතින පහත සඳහන් තනතුරු සඳහා නියමිත සුදුසුකම් ඇති, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ස්ථිර සේවයේ නියුතු සේවක භවතුන් ගෙන්  පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ.

මේ සමඟ එවා ඇති ආදර්ශ අයදුම්පතට අනුව සකස් කරගත් අයදුම්පත්, තමා සේවය කරන ආයතනයේ ලේකම්/ලේඛකාධිකාරි/අධ්‍යක්‍ෂ/ මණ්ඩපාධිපති  මගින් 2019.09.15 දින හෝ ඊට ප‍්‍රථම ලැබෙන සේ ලේඛනගත තැපෑලෙන් සහකාර ලේඛකාධිකාරි, ආයතන අනධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය  යන ලිපිනයට ලැබෙන්නට සැලැස්විය යුතුය.

අවශ්‍ය විස්තර සඳහන් නොකළ, අපහැදිලි හෝ නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ප‍්‍රතික්‍ෂේප කෙරෙන අතර එසේ ප‍්‍රතික්‍ෂේප කළ අයදුම්පත් කුමන හේතුවක් නිසාවත් නැවත සලකා බලනු නොලැබේ.  

1996.10.18 දිනැති කොමිෂන් සභා චක‍්‍රලේඛ අංක 692 විධිවිධාන අනුව අදාළ පරිදි ලිඛිත, යෝග්‍යතා හෝ ප‍්‍රායෝගික පරීක්‍ෂණයක හා ව්‍යුහගත සම්මුඛ පරීක්‍ෂණයක ප‍්‍රතිඵල මත කුසලතාව පදනම් කරගෙන සුදුස්සන් තෝරාගනු ලැබේ.

Details

Application

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!