Friday, 10 May 2024

තනතුරු පුරප්පාඩු - ආරක්ෂක නියාමක (පිරිමි/කාන්තා) (කොන්ත්‍රාත් පදනම මත)

මෙම විශ්වවිද්‍යාලයේ පුරප්පාඩුව පවතින ආරක්ෂක නියාමක තනතුර සඳහා ත්‍රිවිධ හමුදාවේ හෝ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති හෝ ආරක්ෂක සේවයට සම්බන්ධ විශ්වවිද්‍යාලයට පිළිගත හැකි සේවා පළපුරැද්දක් ඇති පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති  අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

සුදුසුකම් :

  1.  අටවන ශ්‍රේණිය සමත්ව තිබීම
  2.  ක්‍රීඩා හා සමාජීය කටයුතුවල ක්‍රියාශීලී ලෙස සහභාගිත්වය තිබිය යුතුය.
  3.  උස - අඩි 05 අඟල් 04ට නොඅඩු විය යුතුයි. (පිරිමි)

               අඩි 05 අඟල් 02ට නොඅඩු විය යුතුයි. (කාන්තා)

  1.  පපුව අඟල් 32ට නොඅඩු විය යුතුයි.
  2.  අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 50ට නොවැඩි විය යුතුයි.

 

  • වැටුප -           රු. 50000.00 (මාසික ස්ථාවර)
  • කාලසිමාව -           වසර 01
  • ප්‍රතිලාභ -           විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලට හිමිකම් ලබයි.
  • තෝරා ගැනීම -           සම්මුඛ පරීක්ෂණයක් මඟින්

අයදුම්පත විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියෙන් https://news.kln.ac.lk/index.php/ classified/vacancies හෝ කැලණිය විශ්වවිද්‍යාලයේ ආයතන අනධ්‍යයන අංශය වෙත පැමිණ ලබා ගත හැක. එසේ ලබා ගන්නා ලද අයදුම්පත නිසිලෙස සම්පූර්ණ කර අදාළ සුදුසුකම් සනාථ කිරීම සඳහා වූ සහතිකවල පිටපත්ද‚ සේවය කරන ලද ත්‍රිවිධ හමුදාවේ‚ පොලීසියේ හෝ රාජ්‍ය ආරක්ෂක සේවාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීමේ ලිපියෙහි හා ජාතික හැඳුනුම්පත්‍රයෙහි ඡායා පිටපත්‚ පදිංචිය සනාථ කිරීම සඳහා තමන් පදිංචි ග්‍රාමසේවක කොට්ඨාශයෙහි ග්‍රාම නිලධාරි සහතිකය සහ චරිත සහතික 2ක් (මෙයින් ඒකක් තමන් පදිංචි ප්‍රදේශයෙහි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබාගත් සහතිකයක් විය යුතුය.)‍ සමඟ 2024.03.01 දින හෝ ඊට පෙර ලැබෙන සේ සහකාර ලේඛකාධිකාරි/ආයතන අනධ්‍යයන අංශය‚ කැලණිය විශ්වවිද්‍යාලයේ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත බහාලන කවරයේ වම්පස ඉහල කෙලවරෙහි ආරක්ෂක නියාමක (කොන්ත්‍රාත් පදනම මත) ලෙස සඳහන් කල යුතුය.

2024.03.01 දිනෙන් පසුව ලැබෙන සහ/හෝ අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයට විශේෂත්වයක් දක්වනු ලැබේ

  • මෙම බඳවාගැනීම සම්බන්ධයෙන් පාලක සභාවේ තීරණය අවසන් තීරණය වන බව සියලුම අයදුම්කරුවන් වෙත කාරුණිකව දන්වමි.

 

ලේඛකාධිකාරි

2024.02.15

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!