Friday, 29 March 2024

උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව අයදුම්පත් කැඳවීම - 2022 අධ්‍යයන වර්ෂය

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් නිකුත් කිරීම 2021 දෙසැම්බර් 01 වන දින සිට සිදු කෙරේ.

පාඨමාලා කාලය : මාස 12 කි.

මාධ්‍යය          :  සිංහල

පාඨමාලා ගාස්තු : 63,250.00 (වාරික දෙකකින් ගෙවිය හැකිය)

අයදුම් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් :

මෙම පාඨමාලාවට අයදුම් කිරීම සඳහා අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වීම වන අතර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් විය යුතුය. සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් පාඨමාලාව සඳහා තෝරා ගැනීමේ අවසාන තීරණය සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සතු වේ.

දේශන පැවැත්වීම :

සෙනසුරාදා/ඉරිදා (එක් දිනක් පමණක් තෝරාගත හැකිය.)

පාඨමාලා අයදුම්පත

කැලණිය මහජන බැංකු ශාඛාවේ අංක 055100110667549 දරණ ගිණුමට බැර කරන ලද රු.750.00ක ලදු පතක් සමඟ අයදුම්පත “උපදේශන ඩිප්ලෝමා පාඨමාලාව 2022, දර්ශන අධ්‍යයන අංශය" සමාජීය විද්‍යා පීඨය" කැලණිය විශ්වවිද්‍යාලය" කැලණිය” යන ලිපිනයට 2021 දෙසැම්බර් 31 දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය  යුතුය.

පාඨමාලා අන්තර්ගතය

  • සාමාන්‍ය මනෝවිද්‍යාව
  • ළමා මනෝවිද්‍යාව
  • සංවර්ධන මනෝවිද්‍යාව
  • අසාමාන්‍ය මනෝවිද්‍යාව
  • උපදේශනය හැඳින්වීම
  • උපදේශනය පිළිබඳ න්‍යායාත්මක එළඹුම් හා ක්‍රමශිල්ප
  • උපදේශන කුසලතා හා නිපුණතා
  • පාසැල් උපදේශනය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සායනික මනෝවිද්‍යාඥවරුන් සහ මනෝවෛද්‍යවරුන් විසින් දේශන පවත්වනු ලැබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි සායනික මනෝවිද්‍යාඥවරුන් විසින් උපදේශන කුසලතා පුහුණුව ලබා දෙනු ලැබේ.

දුරකතන අංකය : 0112 908778                     

ලේඛකාධිකාරී

කැලණිය විශ්වවිද්‍යාලය

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!