පරිගණක සාක්ෂරතා පාඨමාලාවේ සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාවේ නැවත විභාගය

මානව ශාස්ත්‍ර,  සමාජ විද්‍යා සහ වාණිජ හා කලමනාකරණ පීඨ සිව්වන වසර සහ දැනටමත් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන්ට 2020/2021 අධ්‍යයන වර්ෂයේ පළමු අර්ධ වාර්ෂිකයේ පරිගණක සාක්ෂරතා පාඨමාලාවේ නැවත විභාගය (Literacy Repeat Exam) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාවේ නැවත විභාගය (IT Repeat Exam) යන විභාග දෙක පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම 2022/09/14 දින සිට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයේ දී සිදු කෙරේ.
Exam Only සහ Medical ලබාදුන් සිසුන්ද එම විභාගය සඳහා ලියාපදිංචි විය යුතු ය.
සියලු ලියාපදිංචි කිරීම් 2022/09/28 දින දක්වා පමණක් සිදු කරනු ලැබේ.