ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය
- Notice
- Posted On
2021/2022 අධ්‍යයන වර්ෂයට ශිෂ්‍යාධාර අයදුම් කළ වෛද්‍ය පීඨය හා වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨ සියලුම සිසුන්ගේ දැනගැනීම සඳහා.
2019.01.29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 03/2019 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය මේ සමඟ ප්‍රදර්ශනය කර ඇත.
ශිෂ්‍යාධාර හිමිකම් ලබා ඇති සිසුන්හට ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අත්සන් ලබාගත යුතු බැවින්, ඒ සඳහා 2023 මාර්තු මස 27 දින සිට 2023 අප්‍රේල් මස 10 දින දක්වා (රජයේ නිවාඩු හා සති අන්ත හැර) පෙ.ව. 9.00 සිට ප.ව 3.30 දක්වා ඔබගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි විශ්වවිද්‍යාල හැඳුනුම්පත ද රැගෙන අත්සන් කිරීමට ශිෂ්‍යසේවා අංශය/ වෛද්‍ය පීඨ කාර්යාලය වෙත පැමිණෙන ලෙස මෙයින් දන්වා සිටිමි.
මෙම ලේඛනයේ අඩුපාඩු සහිත (Mistake) අයදුම්පත් හිමි සිසුන් ශිෂ්‍යසේවා අංශයට පැමිණ අදාළ තොරතුරු ලබාගන්න.
සහකාර ලේඛකාධිකාරි
ශිෂ්‍යසේවා අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
2023.03.22