Tuesday, 17 June 2025

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය - 2023/2024 කැලණිය විශ්වවිද්‍යාලය

2023/2024 අධ්‍යයන වර්ෂයට ප්‍රවේශිත සිසුන් අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය මහපොළ භාරකාර අරමුදල විසින් අප වෙත ලබා දී ඇත.

එම නාම ලේඛනයේ නම් සඳහන් සිසුන් මහපොළ ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන බව සතුටින් දන්වා සිටින අතර, http://www.mahapola.lk/BankApp/ වෙබ් අඩවියට පිවිස, අදාළ අයඳුම්පත ඇමුණුමේ දක්වා ඇති පියවර අනුගමනය කරමින් සම්පූර්ණ කළ යුතුය.

එමෙන්ම එසේ මාර්ගගතව ඉදිරිපත් කරන ලද අයඳුම්පතේ මුද්‍රිත පිටපතක්, බැංකු පාස්පොතෙහි බැංකුව විසින් සහතික කරන ලද ඡායා පිටපතක් සමඟ 2025 ජූනි මස 30 වන දිනට පෙර සහකාර ලේඛකාධිකාරි, ශිෂ්‍යසේවා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, දඵගම, කැලණිය ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ ශිෂ්‍යසේවා අංශයට ගෙනවිත් භාරදීමට කටයුතු කරන්න.

  • අදාළ බැංකු ගිණුම මහජන බැංකු ශාඛාවක හෝ ලංකා බැංකු ශාඛාවක විය යුතුය. (එසේ නොමැති සිසුන් තම නමින් නව ගිණුමක් ආරම්භ කළ යුතුය)
  • බද්ධ ගිණුම් අංක (Joint Account Details) තොරතුරු භාරගනු නොලැබේ.
  • ඔබ විසින් ලබාදෙනු ලබන ගිණුම් තොරතුරු පසුව වෙනස් නොකරන ලෙසත්, එසේ වෙනස් කළහොත් ඔවුන්ගේ ගෙවීම් අත්හිටුවන බවත් දන්වමි.

 

සිසුන්ගේ නාම ලේඛනය

 

සහකාර ලේඛකාධිකාරි

ශිෂ්‍යසේවා අංශය

2025.06.16

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!