2023/2024 අධ්‍යයන වර්ෂයට ප්‍රථම වසරට ශිෂ්‍යාධාර අයදුම් කළ සියලුම පීඨවලට අයත් සිසුන්ගේ දැනගැනීම සඳහා

2019.01.29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 03/2019 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය (2nd List) විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ හා ශිෂ්‍යසේවා අංශ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇත.

මෙම ලේඛනයේ අඩුපාඩු සහිත (Mistake) අයදුම්පත් හිමි සිසුන් ශිෂ්‍යසේවා අංශයට පැමිණ අදාළ තොරතුරු ලබාගන්න.

ශිෂ්‍යාධාර හිමිකම් ලබා ඇති සිසුන්හට ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අත්සන් ලබාගත යුතු බැවින්, ඒ සඳහා 2025 ජුලි මස 17 දින සිට 2025 ජූලි මස 30 දින දක්වා (රජයේ නිවාඩු හා සති අන්ත හැර) පෙ.ව. 9.00 සිට ප.ව 3.30 දක්වා ඔබගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි  විශ්වවිද්‍යාල හැඳුනුම්පත ද රැගෙන අත්සන් කිරීමට ශිෂ්‍යසේවා අංශය වෙත හා වෛද්‍ය පීඨයට අයත් සිසුන් වෛද්‍ය පීඨ කාර්යාලය වෙතටද පැමිණෙන ලෙස දන්වා සිටිමි.

 

ශිෂ්‍ය නාම ලේඛනය

 

සහකාර ලේඛකාධිකාරී/ ශිෂ්‍යසේවා

ශිෂ්‍යසේවා අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

2025.07.15