Saturday, 20 April 2024

සිව්වන වසරේ අභ්‍යන්තර සිසුන්ගේ අධ්‍යයන කටයුතු 2020 ජූලි මස 13 වැනි දින ආරම්භ කිරීම

2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා/වාණිජ හා කළමනාකරණ අධ්‍යයන/පරිගණක හා තාක්‍ෂණ පීඨවල සිව්වන වසරේ අභ්‍යන්තර සිසුන්ගේ අධ්‍යයන කටයුතු 2020 ජූලි මස 13 වැනි දින ආරම්භ කිරීමට විශ්වවිද්‍යාලය තීරණය කර තිබේ. නේවාසික පහසුකම් ලබා දී ඇති මෙම පීඨවල සිව්වන වසරේ සිසුන් පමණක් 2020 ජූලි මස 12 වැනි දින පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා අදාළ නේවාසිකාගාර වෙත වාර්තා කරන ලෙස මෙයින් නිවේදනය කරමි.

දැනට නේවාසික පහසුකම් ලැබී ඇති ඉහත ස`දහන් පීඨවල සිව්වන වසරේ සිසුන් නේවාසිකාගාරවල නැවතීම මෙම අවස්ථාවේ දී අනිවාර්ය නොවන අතර, නිවසේ සිට විශ්වවිද්‍යාලය වෙත පැමිණීමට හැකි බව ද වැඩිදුරටත් නිවේදනය කරමි.
විමසීම් - 0112903105/106 නේවාසිකාගාර පහසුකම් සඳහා - 0112903124/125
වෙබ් අඩවිය - news.kln.ac.lk
ලේඛකාධිකාරි
කැලණිය විශ්වවිද්‍යාලය
2020.07.08

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!