Friday, 04 September 2026

ටෙන්ඩර් මිල ගණන් කැඳවීම කැලණිය විශ්වවිද්‍යාලය - කැලණිය

කැලණිය විශ්වවිද්‍යාලයේ පහත සඳහන් සේවාවන්, 2019/2020 (2021) අධ්‍යයන වර්ෂයේ පවත්වාගෙන යාම පිණිස ප්‍රමාණවත් මූල්‍ය වත්කම් සහ අදාළ ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් මිල ගණන් කැඳවනු ලැබේ.

ටෙන්ඩර් ආකෘති පත්‍ර සහ ඊට අදාළ අනෙකුත් විස්තර 2021.01.11 දින සිට 2021.02.02 දින පෙ.ව. 10.00 තෙක් සතියේ දිනවලදී ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/ශිෂ්‍ය සේවා වෙතින් ලබාගත හැකි අතර, ඒ සඳහා ආපසු නොගෙවනු ලබන රු. 500/- ක ටෙන්ඩර් තැන්පත් මුදලක් විශ්වවිද්‍යාලයේ සරප් වෙත ගෙවා රිසිට්පත ඉදිරිපත් කළ යුතුය.
නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ටෙන්ඩර්පත් බහාලූ කවරයේ වම්පස ඉහළ කෙළවරේ අදාළ ටෙන්ඩරයේ නම සඳහන් කර මුද්‍රා තබා 2021.02.02 දින පෙරවරු 10.30ට පෙර ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/ශිෂ්‍ය සේවා වෙත ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සේවා අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම කළ යුතුය. එදිනම පෙ.ව. 11.00 ට ටෙන්ඩර් විවෘත කරනු ලැබේ. මේ පිළිබඳ වැඩි විස්තර 0112903125 දුරකථන අංකය ඔස්සේ විමසිය හැකිය.
ලේඛකාධිකාරී
කැලණිය විශ්වවිද්‍යාලය
2021.01.06