Sunday, 28 April 2024

තනතුරු පුරප්පාඩු පිරවීම - පැවරුම් පදනම මත රියදුරු/කළමනාකරණ සහයක/ වැඩ සහායක

තනතුරු පුරප්පාඩු පිරවීම - පැවරුම් පදනම මත රියදුරු/කළමනාකරණ සහයක/ වැඩ සහායක

රියදුරු ( පැවරුම් පදනම මත)

සුදුසුකම් :

  1. හත්වන ශ්‍රේණිය සමත් වී තිබිය යුතුය.

  2. ලොරි හා බර වාහන පැදවීමේ දක්ෂතාවය පිළිබඳ මෝටර් රථ කොමසාරිස් විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් තිබිය යුතුය.

  3. රියදුරෙකු ලෙස අවම වශයෙන් අවුරුදු 03ක පළපුරුද්දක් තිබිය යුතුය. ධාවන අළුත්වැඩියාවන් කර ගැනීමේ හැකියාව තිබිය යුතුය.

  4. උස අවම වශයෙන් අඩි 05 අඟල් 2 ½ ක් විය යුතුය .

  5. මහාමාර්ග උපදේශක සංග්‍රහය පිළිබද මනා දැනීමක් ලබා තිබිය යුතුය.

  6. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ද සේවය කිරීම සදහා මනා ශාරීරික සෞඛ්‍යයකින් යුක්ත වීම සහ ඇස් පෙනිම හොඳ තත්වයෙන් තිබිය යුතුය.

පැවරුම් කාලසිමාව - මාස 6

තෝරා ගැනීම : යෝග්‍යතා පරික්ෂණයක් හා සම්මුඛ පරික්ෂණයක් මගිනි

 

වැඩ සහායක  ( පැවරුම් පදනම මත)

සුදුසුකම් :

  1. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් හයක් අවම වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වී තිබිය යුතුය.

  2. ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.

  3. වයස අවුරුදු 18 ට ‌නොඅඩු සහ 45 ට නොවැඩි විය යුතුය.

  4. යහපත් චරිතයක් සහ මනා ශරිර සෞඛ්‍යයකින් හෙබි විය යුතුය.

පැවරුම් කාලසිමාව  -  මාස 6

තෝරා ගැනීම    :  සම්මුඛ පරීක්ෂණයක් මඟිනි.

 

කළමනාකරණ සහකාර  ( පැවරුම් පදනම මත )

සුදුසුකම්;

  1. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් හයක් සිංහල,ඉංග්‍රීසි හා ගණිතය සදහා සම්මාන සාමාර්ථ සහිතව පළමු වාරයේදීම සමත් වී තිබීම සහ පළමු වාරයේදීම උසස් පෙළ විභාගය සමත් වී තිබිය යුතුය.

  2. පිළිගත් ආයතනයක අවම වශයෙන් මාස 06 කට නොඅඩු පරිගණක පිළිබද පාඨමාලාවක් හදාරා තිබිය යුතුය.

  3. පරිගණක භාවිතය පිළිබද පළපුරුද්දක් තිබිය යුතුය. ( සිංහල / ඉංග්‍රීසි ටයිප් සෙටින් හැකියාව)

  4. ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතුය.

  5. වයස අවුරුදු 18 ට නොඅඩු සහ 30 ට නොවැඩි විය යුතුය.

  6. යහපත් චරිතයකින් හෙබි විය යුතුය.

පැවරුම් කාලසිමාව      -   මාස 6

තෝරා ගැනීම  : සම්මුඛ පරික්ෂණයක් මගිනි.

 

සැ.යු :-  මෙම සේවය හුදෙක් පැවරුම් පදනම මත සිදු කරන ලද අතර, විශ්වවිද්‍යාලයේ ස්ථිර හෝ ස්ථිර නොවන සේවකයන්ට හිමි වෙනත් කිසිදු වරප්‍රසාදයක් ලබා ගැනිමට ඔබට අයිතිවාසිකමක් හෝ හිමිකමක් නොමැති බව සැලකිය යුතුය.

ජීව දත්ත සටහනක් සහ අදාළ සුදුසුකම් සනාථ කිරීම සදහා වූ සහතිකවල පිටපත්ද, සේවය කරන ලද සේවා සහතික, ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත, ග්‍රාම නිලධාරි සහතිකය, පදිංචි ප්‍රදේශයේ විහාරස්ථානයේ විහාරාධිපති හිමිගෙන් ලබාගත් චරිත සහතිකයක් සමග පදිංචි ප්‍රදේශයේ සාමවිනිසුරුවරයකුගෙන් ලබාගත් චරිත සහතිකයක් සමග 2023.11.03 දිනට හෝ ඊට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ ආයතන අනධ්‍යයන අංශයට ලබාදිය යුතුය. එම පිටපත් බහාලන කවරයේ වම්පස ඉහල කෙලවරෙහි පැවරුම් පදනම මත රියදුරු/ වැඩ සහායක/ කළමණාකරණ සහකාර ලෙස සදහන් කල යුතුය.

ප්‍රමාද වී ලැ‌බෙන සහ අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. පැවරුම් ලබාදීම හෝ නතර කිරීම හෝ නොදීම විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ අභිමතය මත සිදු වේ.

ලේඛකාධිකාරි

2023/10/23

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!