2021/2022 අධ්‍යයන වර්ෂයට ශිෂ්‍යාධාර අයදුම් කළ ප්‍රථම වසර කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවලට අයත් සිසුන්ගේ සිව්වන නාම ලේඛනය (APPROVED 04)

2019.01.29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 03/2019 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය මේ සමඟ ප්‍රදර්ශනය කර ඇත.

ශිෂ්‍යාධාර හිමිකම් ලබා ඇති සිසුන්හට ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අත්සන් ලබාගත යුතු බැවින්, ඒ සඳහා 2023 ඔක්තෝම්බර් මස 24 දින සිට 2023 නොවැම්බර් මස 05 දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව 3.30 දක්වා (රජයේ නිවාඩු දින හා සති අන්ත නිවාඩු දින හැර) ඔබගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි  විශ්වවිද්‍යාල හැඳුනුම්පත ද රැගෙන අත්සන් කිරීමට ශිෂ්‍යසේවා අංශය/ වෛද්‍ය පීඨ කාර්යාලය වෙත පැමිණෙන ලෙස මෙයින් දන්වා සිටිමි.
 
ශිෂ්‍ය නාම ලේඛනය

මෙම ලේඛනයේ අඩුපාඩු සහිත (Mistake)අයදුම්පත් හිමි සිසුන් ශිෂ්‍යසේවා අංශයට පැමිණ අදාළ තොරතුරු ලබාගන්න.
 
                                                                                                                      
සහකාර ලේඛකාධිකාරි
ශිෂ්‍යසේවා අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
2023.10.23