තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචි කිරීමේ දිනය 17/01/2024 දිනය දක්වා දීර්ඝකර ඇත

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක පාඨමාලා සදහා සිසුන් ලියාපදිංචි කිරීමේ දිනය 17/01/2024 දිනය  දක්වා දීර්ඝකර ඇත.

 

පරිගණක සාක්ෂරතා පාඨමාලාව (Computer Literacy)සදහා සියලුම පීඨවල සියලුම වසර (පළමු, දෙවන, තෙවන සහ සිව්වන) වල සිසුන්ට ඉල්ලුම් කල හැක.   

තොරතුරු තාක්ෂණ පාඨමාලාව (Information Technology) සදහා සියලුම පීඨවල සිසුන්ට ඉල්ලුම් කල හැක. 

 

ඒ සදහා අදාල දැන්වීම් පුවරුවේ ඇති අයදුම්පත්‍රය පුරවා පහත සදහන් දිනයන්හි ලියාපදිංචි වන්න.

ආරම්භක දිනය : 04/01/2024

අවසාන දිනය : 17/01/2024

වේලාව : පෙ.ව 9.00 - ප.ව 4.00

ස්ථානය : තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය

 

සැ.යු :-

තොරතුරු තාක්ෂණ පාඨමාලාව(Information Technology) හැදෑරීම  සදහා සමාජ විද්‍යාපීඨය,මානව ශාස්ත්‍රපීඨවල සිසුන් පහත සදහන් සුදුසුකම් එකක් හෝ  සපුරා තිබිය යුතුයි.

  • තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සමත් වී තිබීම.

හෝ

  • සමාජ විද්‍යාපීඨය,මානව ශාස්ත්‍රපීඨය මගින් පවත්වන ලද පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව(computer Literacy) සමත් වී තිබීම.

 

Application

 

අධ්‍යක්ෂ,

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය,

කැලණිය විශ්වවිද්‍යාලය.

10/01/2024