Thursday, 29 August 2024

පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාව සදහා විභාගය පමණක් ලියාපදිංචි කිරීම

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය මගින් පවත්වන පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව (Computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාව (Information Technology) සදහා ලියාපදිංචි නොවූ  විභාගය  පමණක් (Exam Only) ඉල්ලුම් කරන සිසුන් ලියාපදිංචි කිරීම පහත පරිදි සිදුකෙරේ.

ඒ සදහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානයට පැමිණ  පහත සදහන් දිනයන්හි දී ලියාපදිංචි වන්න.

 ආරම්භක දිනය 2024/08/13 (අගහරුවාදා)

 අවසාන දිනය   2024/08/23 (සිකුරාදා)

 වේලාව   :(පෙ.ව 9.00)-(ප.ව 3.00)

 ස්ථානය :තොරතුරු  සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය

ගියවර පරිගණක සාක්‍ෂරතා පාඨමාලාව (Computer Literacy) සහ තොරතුරු තාක්ෂණ පාඨමාලාවට (Information Technology) අදාල විභාග සදහා ලියාපදිංචි වී පෙනී නොසිටි අසමත්  වූ (Repeat) සිසුන්ට හා ඒ ඒ විෂය ඒකක  අසමත්  වූ   සිසුන්ට ද අයදුම් කල හැක.

ඉහත සදහන් අසමත් වූ සිසුන් එක් විෂය ඒකකයට රු.25.00 බැගින් මහජන බැංකුවට බැර කල යුතුය.මේ සදහා ගෙවීම් වවුචරය  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය.

 

අධ්‍යක්ෂ

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්‌ථානය,

කැලණිය විශ්වවිද්‍යාලය.

12/08/2024

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!