Saturday, 20 April 2024

මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය - 2018/2019

නිවේදනයයි
මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය - 2018/2019
 
2018/2019 අධ්‍යයන වර්ෂයට ප‍්‍රවේශිත ප‍්‍රථම වසර විද්‍යාර්ථීන්  අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සදහා හිමිකම් ලබා ඇති සිසුන් පිළිබද විස්තර  www.mahapola.lk වෙබ් අඩවිය වෙත පිවිස එහි වෙබ් Link හි Mahapola Scholarship වෙත පිවිසීමෙන් දැනගත හැකි වේ. ශිෂ්‍යත්වලාභී සිසුන් මහපොළ ශිෂ්‍යත්ව අංකය හා ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කර මහපොළ ශිෂ්‍යත්ව ආකෘති පත‍්‍රය ලබාගෙන (Online මගින්) ඊට අදාළ තොරතුරු ඇතුලත් කර ශිෂ්‍යත්ව ආකෘති පත‍්‍රය සම්පූර්ණ කොට සෘජුවම මහපොළ භාරකාර අරමුදල වෙත (2020.08.20 දිනට පෙර) යොමු කරන ලෙස මෙයින් දැනුම් දෙමි. දැනටමත් Online මගින් යොමු කර ඇති බැංකු ගිණුම් විස්තර අඩුපාඩු ඇත්නම් එම සිසුන්ට නැවත වරක් Online ක‍්‍රමය මගින් යැවීමට හැකි බවද දන්වමි.


 
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු නැවත දැනුම් දීමෙන් අනතුරුව මෙම ආකෘති පත‍්‍රයෙහි මුල් පිටපත ශිෂ්‍යසේවා අංශයෙන් ලබාගෙන අදාළ සියලූම තොරතුරු සම්පූර්ණ කර, ආකෘති පත‍්‍රයේ සදහන් කරන ලද ඉතිරි කිරීමේ ගිණුම් පොතෙහි තොරතුරුවලට අදාළව සහතික කරන ලද ඡුායා පිටපතක් අමුණා නැවත ශිෂ්‍යසේවා අංශය වෙත බාරදී තම මහපොළ ශිෂ්‍යත්ව අංකය දැනුම් දී ශිෂ්‍යත්ව සහතික පත‍්‍රය ලබා ගත යුතු වේ.
 
ශිෂ්‍යත්වය භාර ගැනීම/නොගැනීම සදහන් නොකරන සිසුන්ගේ ශිෂ්‍යත්වය අවලංගුවනු ඇත. තවද තම ඉතිරි කිරීමේ ගිණුමෙහි තොරතුරු අනිවාර්යයෙන්ම සදහන් කළ යුතු අතර, Online මගින් යොමු කරන ලද ආකෘති පත‍්‍රයේ යොදන ලද ගිණුම් අංකයම විශ්වවිද්‍යාලය මගින් ලබා දෙනු ලබන ආකෘති පත‍්‍රයේ මුල් පිටපතෙහි ද යෙදිය යුතු බව  දන්වා සිටිමි.  
 
 
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී/ශිෂ්‍යසේවා
2020.08.18

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!