2022/2023 අධ්‍යයන වර්ෂයට ශිෂ්‍යාධාර අයදුම් කළ සියලුම පීඨවලට අයත් සිසුන්ගේ දැනගැනීම සඳහා

2019.01.29 දිනැති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 03/2019 ට අනුව ශිෂ්‍යාධාර අයදුම් කළ සිසුන්ගේ ශිෂ්‍යාධාර අනුමත වූ, ප්‍රතික්ෂේප වූ සහ අඩුපාඩු සහිත ශිෂ්‍ය නාම ලේඛනය විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර ඇත.

මෙම ලේඛනයේ අඩුපාඩු සහිත ( Mistake) අයදුම්පත් හිමි සිසුන් ශිෂ්‍යසේවා අංශයට පැමිණ අදාළ තොරතුරු ලබාගන්න.

ශිෂ්‍යාධාර හිමිකම් ලබා ඇති සිසුන්හට ශිෂ්‍යාධාර ගෙවීම සඳහා අත්සන් ලබාගත යුතු බැවින්, ඒ සඳහා 2024 සැප්තැම්බර් මස 09 දින සිට 2024 සැප්තැම්බර් මස 27 දින දක්වා (රජයේ නිවාඩු හා සති අන්ත හැර)   පෙ.ව. 9.00 සිට ප.ව 3.30 දක්වා ඔබගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි  විශ්වවිද්‍යාල හැඳුනුම්පත ද රැගෙන අත්සන් කිරීමට ශිෂ්‍යසේවා අංශය, පරිගණක හා තාක්‍ෂණ පීඨ කාර්යාලය හා  වෛද්‍ය පීඨ කාර්යාලය වෙත පැමිණෙන ලෙස මෙයින් දන්වා සිටිමි.
 
                
සහකාර ලේඛකාධිකාරී
ශිෂ්‍යසේවා අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
2024.08.23