Monday, 21 September 2026

අභියෝග්‍යතා පරීක්ෂණය- 2019/2020  කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණ 05 ක් සඳහා අයදුම්පත් යොමු කරන ලද අපේක්ෂකයන්හට විභාග ප‍්‍රවේශපත‍්‍ර ලියාපදිංචි තැපැල් මගින් ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත මේ වන විටත් තැපැල් කර ඇත. අදාළ පරික්ෂණ අගෝස්තු මස 23, 29 හා 30 යන දින වලදී කැලණිය අධ්‍යාපන කලාපයේ පාසල් 06 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

නිවේදනයයි
මහපොළ ශිෂ්‍යත්ව ප‍්‍රදානය - 2018/2019
 
2018/2019 අධ්‍යයන වර්ෂයට ප‍්‍රවේශිත ප‍්‍රථම වසර විද්‍යාර්ථීන්  අතුරින් මහපොළ ශිෂ්‍යත්වය සදහා හිමිකම් ලබා ඇති සිසුන් පිළිබද විස්තර  www.mahapola.lk වෙබ් අඩවිය වෙත පිවිස එහි වෙබ් Link හි Mahapola Scholarship වෙත පිවිසීමෙන් දැනගත හැකි වේ. ශිෂ්‍යත්වලාභී සිසුන් මහපොළ ශිෂ්‍යත්ව අංකය හා ජාතික හැදුනුම්පත් අංකය භාවිතා කර මහපොළ ශිෂ්‍යත්ව ආකෘති පත‍්‍රය ලබාගෙන (Online මගින්) ඊට අදාළ තොරතුරු ඇතුලත් කර ශිෂ්‍යත්ව ආකෘති පත‍්‍රය සම්පූර්ණ කොට සෘජුවම මහපොළ භාරකාර අරමුදල වෙත (2020.08.20 දිනට පෙර) යොමු කරන ලෙස මෙයින් දැනුම් දෙමි. දැනටමත් Online මගින් යොමු කර ඇති බැංකු ගිණුම් විස්තර අඩුපාඩු ඇත්නම් එම සිසුන්ට නැවත වරක් Online ක‍්‍රමය මගින් යැවීමට හැකි බවද දන්වමි.